Sunday, September 25, 2011

wrong number කියන්ඩ අලුත් විදිහක්

දවසක් මට call 1ක් ආව.. call එක ආවෙ wrong number එකකින්..

"සමන්ත මල්ලි ඉන්නවද"
"wrong number එහෙම කෙනෙක් මෙහෙ නෑ"

ටික වෙලාවකින් අයෙත් call එක ආව.. ඒත් ඌ මයි..

"මේ සමන්ත මල්ලි නෙමේද?"
"නෑ.. wrong number"

ආයෙත් ආව call එක..

දැන් මට option 2ක් තියනව..
1. උගෙ ජාතකේ සුද්ද සිංහලෙන් කියාදීම (ආචාර්ය ගැමුණු ඇමති තුමාගේ recordings වලට           සවන්දීමෙන් ලබාගත් හැකියාවකී)
2. ඌ ඉන්නවද අහන පුද්ගලයා ලෙස කතා කිරීම

පළවෙනි option එක ගොඩක් වෙලාවට ක්‍රියාත්මක කරන හින්ද මට හිතුන දෙවෙනි එක කරල බලන්ඩ..

"හෙලෝ සමන්ත මල්ලිමනෙ මට මේ නම්බර් එක දුන්නෙ"
"ආ මං සමන්ත තමයි"
"කව්ද මල්ලි ඉස්සෙල්ල කතා කරේ?"
"ආ ඒ කොහෙද යන පිස්සු කොල්ලෙක්"
"මල්ලි මගෙ ලීසිං ෆයිල් එකේ වැඩේ හරිද?"
"මේ ..අය්යෙ ඒකෙ උප්පැන්න සහතිකේ නෑනෙ"
"ඇයි මල්ලි කිව්වෙ අයි ඩී කොපිය තිබුනම ඇති කියල?"
"ඒ උනට උප්පැන්න තිබුනනම් හොඳයි.. අයියගෙ මී මුත්ත ශ්‍රී ලාංකික කියල ඒකෙ තියනවද?"
"මට නම් මතක නෑ.. ඇයි මල්ලි?"
"නෑ.. මේ.. මී මුත්ත ශ්‍රී ලාංකික නම් පොලී අනුපාතෙ අඩු වෙනව"
"අනේ ඇත්තද මල්ලි.. අපි ඕව දන් නෑනෙ.."
(ගැහැණු කටහඬක් පසුබිමෙන් ඇසේ)
"ඈ සමන්ත මල්ලි ඇවිත් ?.. එතකොට මං මේ කතාකරන්නෙ කාත් එක්කද.."
"අංකල් දැන් වත් පිළිගන්නවද මෙහෙ ඇති සමන්තයෙක් නෑ කියල?"
...දඩස්....

කතාවෙන් ගත හැකි ආදර්ශය :-
දෙපාරක් wrong වුන අංකයක් තුන්වෙනි පාර correct වෙන්නේ නැත !

බල්ලන්ට ඉගැන්නූ පාඩම් 2

බල්ලො ගැන කතාකරද්දි අපේ එහාගෙදර බල්ල ගැන කතා නොකරම බෑ.. ඒ තරම් කපටි කයිරාටික බල්ලෙක් වෙන කොහෙවත් නැතුව ඇති.. මං ගලකින් ගහන විදිය act කරාට ඌ දුවන් නෑ.. හොඳට බලනව අතේ ගලක් තියනවද නැද්ද කියල.. තියනවනම් විතරයි ඌ දුවන්නෙ.. දොර ඇරල බලනකොට ඌ හිටියොත් ඌ මාව දැක්කෙ නෑ වගේ ඉන්නව.. මං ශේප් එකේ ආපහු ගිහින් ගහන්ඩ මොකක් හරි හොයන් එනකොට ඌ අතුරුදහන්.. වට පිට බැලුවහම හෙන ඈත ඌ දුවනව පේනව.. ඒ කියන්න ඌ දුවන්ඩ පටන් අරන් තියෙන්න මං ආපහු හැරුනු වෙලාවෙමයි.. එදා ඉඳන් තමයි මං උළුවස්ස උඩින් පරණ බැටරි කෑලි ටිකක් තියන්ඩ පටන් ගත්තෙ..

මේක මම OL කරන කාලෙ වෙච්ච සීන් එකක්.. මං කාමරේ ගානක් හද හද ඉද්දි ජනේලෙන් ආව සුපුරුදු ගඳ.. ශේප් එකේ බලනකොට පොර හිමින් හිමින් යනව.. මට දැන් මාර තරහයි.. අතේ තිබුනෙ cal එක විතරයි.. ඕන මගුලක් කියල දමල ඇරිය cal එකෙන්.. කොහොමහරි එදයින් පස්සෙ තමයි මට හොඳට ලඝු ගණක පුලුවන් උනේ.. එහෙම බැලුවොත් මේක මං උට උගන්නපු පාඩමකට වඩා ඌ මට උගන්නපු පාඩමක් නේ..?

Saturday, September 24, 2011

බල්ලන්ට ඉගැන්නූ පාඩම් 1

පොඩි කාලෙ මට බල්ලොත් එක්ක මාර මළක් තිබුනෙ.. ඒකටත් හේතුවක් තියනව.. ඒක පස්සෙ දවසක කියන්නම්.. දැන් කියන්ඩ යන්නෙ මං අට වස්සරෙ විතර ඉන්න කාලෙ වෙච්ච සීන් එකක්.. ඒ කාලෙ අපේ පාරෙ බල්ලෙක් හිටිය.. ඌ තෝරාගත් මෝටර් සයිකල් ප්‍රමානයක් පස්සෙ පන්නනව.. අපේ තාත්තගෙ මෝටර් සයිකලෙත් වැටුනෙ ඔය ගොඩටම තමයි.. බල්ලෙක් පන්නද්දි පිටිපස්සෙ සීට් එකේ ඉන්නව කියන එක මට දිරවන්නෙම නැති වැඩක්.

ඔහොම දවසක් දෙකක් යන්ඩ උනාට පස්සෙ මං ආයුද ලෑස්ති කරගත්ත.. ඒ කිව්වෙ ලොකු රබර් පටියයි කාඩ්බෝඩ් බුලට් එකයි back up එකට කඩදාසි බුලට් සෙට් එකයි.. ඊලඟ දවසෙ පුතා පන්නගෙන එද්දි බඩට ඒම් කරල දුන්න බැස්ටිය.. කෑ ගහගෙන දිව්ව දිව්වමයි එදයින් පස්සෙ ඇහැට වත් දැක්කෙ නෑ.. බලන්ඩ අපේ පාරෙ ජනතාව වෙනුවෙන් මං කොච්චර සමාජ සේවයක්ද කලේ කියල.. චන්දෙ ඉල්ලුවනම් බල්ලගෙ අයිතිකාරය විතරයි දෙන් නැත්තෙ..

කොන්ඩෙ කප්පවා ගැනීමත් ලෝක අමාරු වැඩකි

ඔන්න එකෝමත් එක දවසක මම ගියා බාබර් සාප්පුවට කොන්ඩෙ කපා ගන්ඩ. නැතුව ඉතින් අල හිටවන්ඩ යෑ. හරි හරි කොහොමහරි බස් එකෙන් බැහැල බලද්දි ඒ මගුල වහල. පුරුදු තැන හින්ද ටිකක් දුර උනත් එතනින්ම තමයි මං කොන්ඩෙ කපන්නෙ. වෙන එවයින් කපන්ඩ ගිහින් කොන්ඩෙ පජාත කරල දායි කියල හිතිල ආපහු ගෙදර යන්ඩ බස් එකට නැග්ග.

බාගයක් දුර යද්දි මට හිතුන අලුත් තැනක් test කොරල බලන්ඩ. සෝ තව බාබර් සාප්පුවක් තියන තැනකින් බැස්ස. ඇතුලෙ හිටියෙ බාබරුයි එවෙලෙ කපමින් තිබුනු කොන්ඩෙ අයිතිකාරයයි විතරයි. ටයිමිං එක හොඳයි වගේ. ඇතුලට ගිහින් ඉඳගත්තම බාබර් කියපි "මල්ලි මම තව දවල්ට කාල නෑ, මෙයාගෙ කපල මං කන්ඩ ඕනෙ, ටිකක් වෙලා යයි" මාත් තව කාල නෑ යකෝ නොකිය මං බැස්ස එලියට. බස් එකක් එනකං බලං හිටිය, නෑ - පයින්ම ඇද්ද හෝල්ට් 2ක් ඊලඟ pot එකට.

ඒකෙත් අර විදිහමයි, වේටිං ලිස්ට් එකේ කවුරුත් නෑ, ඒ විතරක් නෙමේ ඒ යකත් කියපි කන්ඩ ඕනෙ කියල. (ආ එහෙනම් කාපන්කො කියල) මාත් හිටිය ඉඳගෙන. කල්පයක් විතර ගියාට පස්සෙ පොර ආව, පොර ආව විතරයි ලයිට් ගියා. "අප්පා උදේ ඉඳන් ඔහොම තමයි මල්ලි, යනව එනව, ටිකක් ඉමුකො බලන්ඩ" මල්ලි කිව්වට මොකෝ ඌ අපේ තාත්තටත් වඩා වයසයි. ඉඳල ඉඳල මං යන්ඩ හදනකොට මූ කියනව "පාරෙන් එහා පැත්තෙ අලුතින් දාපු සැලුන් එකක් තියන්ව, ඒකට නම් ලයිට් තියනව වගේ". දැන්ද කියන්නෙ කියල උටත් සත්තමක් දාල මං ගියා ඒකට.

වේටිං ලිස්ට් එකේ තව දෙන්නෙක් හිටියට අද කොන්ඩෙ කපාගෙනම යනව කියල තිර අධිෂ්ඨාන ශක්තිය ඇති කරගෙන මාත් ඉඳ ගත්ත. තුන් දෙනෙක්ගෙ කපනකං කල්ප දෙකහමාරක් බලං හිටියට පස්සෙ බාබර් අයිය (අයියද අක්කද මන්ද) කියනව "අනේ මල්ලි මං තව කාල නෑ විනාඩි 10ක් දෙන්ඩ මං ටක් ගාල කාල එන්නම්" !@#$%^&**&^%$#@! 

තුන් වෙනි බාබරුත් කනකං පට්ට බඩගින්නෙ බලං ඉඳල කොන්ඩෙ කපාගෙන මං ගෙදර ආව. මේ සීන් එක මට චාටර් උනාට තොට ආතල් හින්දයි දැම්මෙ. පාරෙදි හම්බ වෙලා මඩ ගහන්ඩ ආවොත් තෝවත් යවනව කොන්ඩෙ කපන්ඩ....

කතාවෙන් ගත හැකි ආදර්ශය :-
ලන්ච් ටයිම් එකේ කොන්ඩෙ කපන්ඩ යන්ඩ එපා !