පොඩි කාලෙ මට බල්ලොත් එක්ක මාර මළක් තිබුනෙ.. ඒකටත් හේතුවක් තියනව.. ඒක පස්සෙ දවසක කියන්නම්.. දැන් කියන්ඩ යන්නෙ මං අට වස්සරෙ විතර ඉන්න කාලෙ වෙච්ච සීන් එකක්.. ඒ කාලෙ අපේ පාරෙ බල්ලෙක් හිටිය.. ඌ තෝරාගත් මෝටර් සයිකල් ප්රමානයක් පස්සෙ පන්නනව.. අපේ තාත්තගෙ මෝටර් සයිකලෙත් වැටුනෙ ඔය ගොඩටම තමයි.. බල්ලෙක් පන්නද්දි පිටිපස්සෙ සීට් එකේ ඉන්නව කියන එක මට දිරවන්නෙම නැති වැඩක්.
ඔහොම දවසක් දෙකක් යන්ඩ උනාට පස්සෙ මං ආයුද ලෑස්ති කරගත්ත.. ඒ කිව්වෙ ලොකු රබර් පටියයි කාඩ්බෝඩ් බුලට් එකයි back up එකට කඩදාසි බුලට් සෙට් එකයි.. ඊලඟ දවසෙ පුතා පන්නගෙන එද්දි බඩට ඒම් කරල දුන්න බැස්ටිය.. කෑ ගහගෙන දිව්ව දිව්වමයි එදයින් පස්සෙ ඇහැට වත් දැක්කෙ නෑ.. බලන්ඩ අපේ පාරෙ ජනතාව වෙනුවෙන් මං කොච්චර සමාජ සේවයක්ද කලේ කියල.. චන්දෙ ඉල්ලුවනම් බල්ලගෙ අයිතිකාරය විතරයි දෙන් නැත්තෙ..
No comments:
Post a Comment