දවසක් මට call 1ක් ආව.. call එක ආවෙ wrong number එකකින්..
"සමන්ත මල්ලි ඉන්නවද"
"wrong number එහෙම කෙනෙක් මෙහෙ නෑ"
ටික වෙලාවකින් අයෙත් call එක ආව.. ඒත් ඌ මයි..
"මේ සමන්ත මල්ලි නෙමේද?"
"නෑ.. wrong number"
ආයෙත් ආව call එක..
දැන් මට option 2ක් තියනව..
1. උගෙ ජාතකේ සුද්ද සිංහලෙන් කියාදීම (ආචාර්ය ගැමුණු ඇමති තුමාගේ recordings වලට සවන්දීමෙන් ලබාගත් හැකියාවකී)
2. ඌ ඉන්නවද අහන පුද්ගලයා ලෙස කතා කිරීම
පළවෙනි option එක ගොඩක් වෙලාවට ක්රියාත්මක කරන හින්ද මට හිතුන දෙවෙනි එක කරල බලන්ඩ..
"හෙලෝ සමන්ත මල්ලිමනෙ මට මේ නම්බර් එක දුන්නෙ"
"ආ මං සමන්ත තමයි"
"කව්ද මල්ලි ඉස්සෙල්ල කතා කරේ?"
"ආ ඒ කොහෙද යන පිස්සු කොල්ලෙක්"
"මල්ලි මගෙ ලීසිං ෆයිල් එකේ වැඩේ හරිද?"
"මේ ..අය්යෙ ඒකෙ උප්පැන්න සහතිකේ නෑනෙ"
"ඇයි මල්ලි කිව්වෙ අයි ඩී කොපිය තිබුනම ඇති කියල?"
"ඒ උනට උප්පැන්න තිබුනනම් හොඳයි.. අයියගෙ මී මුත්ත ශ්රී ලාංකික කියල ඒකෙ තියනවද?"
"මට නම් මතක නෑ.. ඇයි මල්ලි?"
"නෑ.. මේ.. මී මුත්ත ශ්රී ලාංකික නම් පොලී අනුපාතෙ අඩු වෙනව"
"අනේ ඇත්තද මල්ලි.. අපි ඕව දන් නෑනෙ.."
(ගැහැණු කටහඬක් පසුබිමෙන් ඇසේ)
"ඈ සමන්ත මල්ලි ඇවිත් ?.. එතකොට මං මේ කතාකරන්නෙ කාත් එක්කද.."
"අංකල් දැන් වත් පිළිගන්නවද මෙහෙ ඇති සමන්තයෙක් නෑ කියල?"
...දඩස්....
කතාවෙන් ගත හැකි ආදර්ශය :-
දෙපාරක් wrong වුන අංකයක් තුන්වෙනි පාර correct වෙන්නේ නැත !
No comments:
Post a Comment