Sunday, September 25, 2011

බල්ලන්ට ඉගැන්නූ පාඩම් 2

බල්ලො ගැන කතාකරද්දි අපේ එහාගෙදර බල්ල ගැන කතා නොකරම බෑ.. ඒ තරම් කපටි කයිරාටික බල්ලෙක් වෙන කොහෙවත් නැතුව ඇති.. මං ගලකින් ගහන විදිය act කරාට ඌ දුවන් නෑ.. හොඳට බලනව අතේ ගලක් තියනවද නැද්ද කියල.. තියනවනම් විතරයි ඌ දුවන්නෙ.. දොර ඇරල බලනකොට ඌ හිටියොත් ඌ මාව දැක්කෙ නෑ වගේ ඉන්නව.. මං ශේප් එකේ ආපහු ගිහින් ගහන්ඩ මොකක් හරි හොයන් එනකොට ඌ අතුරුදහන්.. වට පිට බැලුවහම හෙන ඈත ඌ දුවනව පේනව.. ඒ කියන්න ඌ දුවන්ඩ පටන් අරන් තියෙන්න මං ආපහු හැරුනු වෙලාවෙමයි.. එදා ඉඳන් තමයි මං උළුවස්ස උඩින් පරණ බැටරි කෑලි ටිකක් තියන්ඩ පටන් ගත්තෙ..

මේක මම OL කරන කාලෙ වෙච්ච සීන් එකක්.. මං කාමරේ ගානක් හද හද ඉද්දි ජනේලෙන් ආව සුපුරුදු ගඳ.. ශේප් එකේ බලනකොට පොර හිමින් හිමින් යනව.. මට දැන් මාර තරහයි.. අතේ තිබුනෙ cal එක විතරයි.. ඕන මගුලක් කියල දමල ඇරිය cal එකෙන්.. කොහොමහරි එදයින් පස්සෙ තමයි මට හොඳට ලඝු ගණක පුලුවන් උනේ.. එහෙම බැලුවොත් මේක මං උට උගන්නපු පාඩමකට වඩා ඌ මට උගන්නපු පාඩමක් නේ..?

2 comments:

  1. පුතෝ... ඔහොම හිතෙන හිතෙන ඒවගෙන් ගහන්ඩ ගියොත්නං උඹට ළඟදිම කෙළවෙනවා...

    ReplyDelete
  2. ඒක නේන්නම්.. මං බයේ ඉන්නෙ මගෙ phone එක ගැන.. අඹ කඩන්ඩ පුළුවන් එකකුත් නෙමේ ඒක..

    ReplyDelete